අපේ දැක්ම

එකමුතුකම, සහයෝගිතාව සහ සහජීවනය තුළින් සෞභාග්‍යය පිරි ස්වයංපෝෂිත සමාජයක් බිහි කිරීම.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීමයි
 
ප්‍රවේශ මාර්ගය 
 
වලස්මුල්ල, බෙලිඅත්ත, මිද්දෙනිය, රන්න, තංගල්ල යන නගර වෙතට ප්‍රවේශ විමට ඇති ප්‍රධාන මංමාවත් පහ පස්මන් හන්දිය නමින් හදුන්වා ඇති අතර පස්මන් හන්දියේ සිට වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රවේශ වන්නේ නම් තංගල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ කි.මී 1/2 දුර පැමිණීමෙන් පසුව වමි පැත්තේ දර්ශනීය අරලිය සෙවනින් සමන්විත වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භුමියට පිවිසිය හැකිය. ඊට අමතරව තංගල්ල නගරය ඔස්සේ ගමන් කරන අයෙකුට තිස්ස ප්‍රධාන මාර්ගය ඔස්සේ කි. මී 1 ක් පමණ ගමන් කර වම් පැත්තට තිබෙන ප්‍රධාන මාර්ගයට ප්‍රවෙශ වීමෙන් අනතුරුව කි.මී 14 ක් පැමිණි පසු දර්ශනිය මලින් පුද ලද බුදු පිළිරුව අභියස තුළින් දකණු පැත්තේ පිහිටි විරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය භුමියට පැමිණිය හැකිය.

පිහිටීම මුල් කරගත් තොරතුරු

දකුණු පලාතේ හමිබන්තොට  දිස්ත්‍රීක්කයේ   වීරකැටිය ප්‍රාදේශීය  ලේකමි  කොටිඨාශය  උතුරට  කටුවන ප්‍රාදේශීය  ලේකම්  කොටිඨාශ‍නේ ද, නැගෙන හිරට අගුණුකොපෑලැස්ස   ප්‍රාදේශීය  ලේකම් කොටිඨාශ‍නේ ද, දකුණට  තංගල්ල  ප්‍රාදේශීය  ලේකමි  කොටිඨාශ‍නේ ද, බටහිරට  ඕකේවෙල,  වලස්මුල්ල,  බෙලිඅත්ත,  ප්‍රාදේශීය  ලේකම්  කොටිඨාශ‍වලින් ද  මායිමි වී ඇත. වර්ග කි.මි. 95.3 ක   මුලු  භූමි ප්‍රමානයකින්  යුත් වීරකැටිය  ප්‍රාදේශීය  ලේකම්  කොටිඨාශ‍ය  ග්‍රාම නිලධාරී වසමි 60 කින්  හා  ගම් ගොඩැලි  89 කින් සමන්විතය. අතීතයේ අප රට  වෙනුවෙන් යමි ‍මෙහෙයක් කරමින්, එඩිතරව කටයුතු කල වීරයින් ගහන වූ ප්‍රදේශයක් ලෙස වීරකැටිය  ප්‍රසිද්ධ වෙයි.  වීරයින් කැටි වු ප්‍රදේශය වීරකැටිය  වූ බව මුතුන් මිත්තන්ගේ අදහසයි. අද ද අපරටේ  ප්‍රතිපත්ති සාදන සහ සංවර්ධන ක්‍රියාවලියට දැඩි ලෙස දායක වන නායකයින් රැසක් මෙම ප්‍රදේශය    නියෝජනය කරයි.          වීරකැටිය  ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශ‍ය ද “ගිරුවාය පත්තුව “ප්‍රදේශයේ පිහිටීම නිසා  ඊට සමිබන්ධ  ‍ඓතිහාසික  තොරතුරු ද ඉතා වැදගත් වන අතර මුල්ගිරිගල, නයිගල, කොන්දගල, ආදී ඓතිහාසික සිද්ධාස්ථාන මෙහිදි වැදගත් වේ.

භූමියේ උස ස්වභාවය අනුව බැලීමේ දී  වීරකැටිය  ප්‍රාදේශීය  ලේකම්  කොටිඨාශ‍ය  සම්පූර්ණයෙන්  තැනිතලා ප්‍රදේශයක් ලෙස ගත හැකිය.  කොට්ඨාශ‍‍යේ  වයඹ දිග ප්‍රදේශය, මාතර දිස්ත්‍රීක්ක‍ෙය්  සිට පැතිර එන හෙල් වැටි වලින් බොහෝ විට  මායිම්ව පවතින අතර කොට්ඨාශයේ තැනින් තැන හුදෙකලාව පිහිටි ශේෂ කදු ද දක්නට ඇත.
 
වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන නගරයකි වීරකැටිය නගරය. දුටුගැමුණු රජ සමයේ  යුධ කටයුතු සදහා යුධ සේනාව රැස් කළ ප්‍රදේශය නැතිනම් වීරයන් බහුලව රැස්වූ ප්‍රදේශය වීරකැටිය නමින් ප්‍රසිද්ධ වූ අතර නගර පහකට  ප්‍රවේශ වීම සදහා පිහිටි ස්ථානය පස්මන් හන්දිය නමින්ද  මෙය ලංකාවේ එකම වෘත්තයකින් මාර්ග පහට ප්‍රවේශ වීමට පිහිටි එකම ස්ථානය ලෙසද ප්‍රසිද්ධ වී ඇත.

වීරකැටිය කොට්ඨාශය භාරව සිටි පරිපාලන නිලධාරීන් 
 
නම තනතුර සිට දක්වා
කේ.එච්.සී.ප්‍රනාන්දු මහතා ප්‍රාදේශීය ආදායම් නිලධාරි 1964.01.01 1964.12.12
මුඩිලියර් ගණවර්ධන මහතා ප්‍රාදේශීය ආදායම් නිලධාරි - -
ජයතිස්ස සමරනායක මහතා ප්‍රාදේශීය ආදායම් නිලධාරි - -
සෝමපාල ජයසුන්දර මහතා ප්‍රාදේශීය ආදායම් නිලධාරි - -
ඒ.විජේතුංග මහතා ප්‍රාදේශීය උප දිසාපති - -
එන්.එච්.පතිරණ මහතා ප්‍රාදේශීය උප දිසාපති 1971.01.01 1979.12.31
ඩබ්.එව්.නෙල්සන් මහතා ප්‍රාදේශීය උප දිසාපති 1980.01.01 1980.10.31
එම්.නවරත්න මහතා ප්‍රාදේශීය උප දිසාපති 1980.11.01 1984.06.30
විජය වික්‍රමරත්න මහතා ප්‍රාදේශීය උප දිසාපති 1984.07.01 1984.08.31
විමල් රුබසිංහ මහතා ප්‍රාදේශීය ලේකම් 1984.09.01 1992.09.22
ඩබ්.එච්.කරුණාරත්න මහතා ප්‍රාදේශීය ලේකම් 1992.09.23 1994.07.14
පී.සී.එච්.තිලකරත්න මහතා ප්‍රාදේශීය ලේකම් 1994.07.15 1995.01.31
එම්.ඒ.පියසේන මහතා ප්‍රාදේශීය ලේකම් 1995.02.01 2004.10.22
ජයසිරි රුවන්පතිරණ මහතා ප්‍රාදේශීය ලේකම් 2004.10.23 2005.06.15
වයි.වික්‍රමසිරි මහතා ප්‍රාදේශීය ලේකම් 2005.06.16 2011.04.08
ඩබ්ලිව්.එන්.නිමාලි ද සිල්වා මිය ප්‍රාදේශීය ලේකම් 2011.04.09 2012.07.05
සී.පී.ඩබ්.වන්නිආරචිචි මෙය ප්‍රාදේශීය ලේකම් 2012.07.06 2017.05.02
කුමුදු සී. ලොකුහේවාගම මිය ප්‍රාදේශීය ලේකම් 2017.05.03 මේ දක්වා
       

News & Events

09
ජූලි2026
ටෙඩ්බේයා නිශ්පාදන පුහුණු වැඩසටහන

ටෙඩ්බේයා නිශ්පාදන පුහුණු වැඩසටහන

විරකැටිය විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කර...

09
ජූලි2026
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ...

Scroll To Top