විරකැටිය විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කර ප්‍රා.ලේ කා. තුල 2026.07.06,07 දෙදින පවත්වනලද ටෙඩ්බේයා නිශ්පාදන පුහුණු වැඩසටහන.

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවට සමගාමීව 2026.07.07 වන දින තෙළඹුයාය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් වෙනුවෙන් මත් නිවාරණය සහ තම දරුවන් එම උවදුරින් බේරා ගැනීම සඳහා දෙමාපිය වගකීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවට සමගාමීව 2026.07.07 වන දින තෙළඹුයාය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් වෙනුවෙන් මත් නිවාරණය සහ තම දරුවන් එම උවදුරින් බේරා ගැනීම සඳහා දෙමාපිය වගකීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. එමෙන්ම සමථ මණ්ඩල ක්‍රමවේදය පිළිබඳව සමථ නිලධාරි විසින් ද විදෙස් රැකියා අවස්ථාවන් සහ ඒ සඳහා අයදුම් කළ හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් විදේශ රැකියා නිලධාරී දෙපළ විසින් ද මෙදින සිදු කරන ලදී.මෙම දැනුවත් කිරීම් පවත්නා අතර කාලයේ මධ්‍යස්ථානයේ දරු දැරියන් වෙනුවෙන් ගී රස වින්දනාත්මක වැඩසටහනක් සංස්කෘතික නිලධාරීතුමිය සහ ජපානයේ ජයිකා ආයතනයෙන් මෙරට පැමිණි යෝ වනතබෙ නිලධාරීතුමිය එක්ව පවත්වන ලදී. තවද සමාජ සේවා නිලධාරී, තෙළඹුයාය ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී සහ සමෘද්ධි සංවර්ධන නිලධාරිගේ සහයෝගයෙන් සහ සහභාගීත්වයෙන් වැඩසටහන පවත්වන ලදී.

ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකයේ ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකයේ (Citizen Mirror - Divisional Productivity Index 1.0) හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමි විය. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකයේ (Citizen Mirror - Divisional Productivity Index 1.0) හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමි විය. මෙම සුවිශේෂී ජයග්‍රහනය සඳහා මහත් කැපවීමෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කළ ප්‍රාදේශීය ලේකම් තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, මාණ්ඩලික නිළධාරීන්, ඵලදායිතා සංවර්ධන නිළධාරීන් ඇතුළු සමස්ථ නිළධාරී මණ්ඩලයේම කැපවීම සහ උනන්දුව මෙම විශිෂ්ඨ ජයග්‍රහනයට හේතු සාධක විය.එකමුතුකම, සහයෝගය හා සහජීවනය තුළින් සෞභාග්‍ය පිරි ස්වයංපෝෂිත සමාජයක් බිහිකිරීම උදෙසා නිරන්තරයෙන් අපි කැපවෙමු.

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමීව, වීරකැටිය කොට්ඨාස ප්‍රාදේශීය මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීම, ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වීරකැටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අරවින්ද සෙනරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.07.03 වන දින වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන *රටම එකට ජාතික මෙහෙයුම* වැඩසටහනට සමගාමීව, වීරකැටිය කොට්ඨාස ප්‍රාදේශීය මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීම, ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වීරකැටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අරවින්ද සෙනරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.07.03 වන දින වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මහජන ආරක්ෂක කමිටු සහ ප්‍රජා ශක්ති කමිටු නියෝජිතයින්ගේ පූර්ණ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව සිදු කරන ලදී.



















